04 November 2025

logo

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල සමාන කිරීමට මිල සූත්‍රයක්



ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන ලෙස මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පවතින බවයි.

මේ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති අතර ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව ඉදිරියේදී ලාෆ්ස් ගෑස් සදහා ද මිල සූත්‍රය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
(colombotimes.lk)