වතුකරයේ පාසල්වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීමට ඉන්දියාවෙන් ගුරුවරුන්ට පැමිණීමට අවසර දෙන ලෙස යෝජනා කරන බව විපක්ෂ මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.
ඒ අද (10) පාර්ලිමේන්තුවේදීයි.
ඔහු කියා සිටියේ වතුකරයේ පාසල්වල ඉගැන්වීම සඳහා ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන්වා ගැනීමට තමන් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ කාලයේදී යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් එය ක්‍රියාත්මක නොකළ බවයි.
වතුකරයේ පාසල් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමඟ කටයුතු කරන ලෙසද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)