11 March 2025


2028 වසරේදී පාසල්වලට විශේෂ විභාගයක්



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

ඒ අද (10) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී ඇය කියා සිටියේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තුළින් දරුවාට ඇතිවන මානසික පීඩාව අවම කරන විභාගයක් 2028 වසරේදී හඳුන්වාදෙන බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාග තුළින් දරුවාට එන මානසික පීඩනය අවම කිරීම සඳහා විශේෂඥ කමිටුවක් රජය විසින් පත් කරන බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළා.

(colombotimes.lk)