04 November 2025

logo

කොළඹ විරෝධතාවයක් - පොලිසියෙන් ජල ප්‍රහාර



සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද (23) සවස ටවුන් හෝල් ආසන්නයේ දී එම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

කළු ජූලිය නිමිති කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරට සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකට පෙළපාලි යෑමට අවසර ලබාදිය නොහැකි බව පොලීසිය විසින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුන් පා ගමනින් ලිප්ටන් වටරවුමට පැමණ විරෝධතාවයේ නියැලුණා.

ඉන් අනතුරුව එක්වරම විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුමේ සිට විහාරමහාදේවී උද්‍යානය දෙසට ගමන් කිරීමට යෑමේ දී පොලීසියෙන් සහ කැරලි මර්දන ඒකකයෙන් ජල ප්‍රහාරය එල්ල කිරීමට කටයුතු කළා.

තත්ත්වය පාලනය කිරීමට පොලීසිය, කැරලි මර්දනය සහ යුද හමුදාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
(Colombotimes.lk)