කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) පෙරවරුවේදී ඒකක 22,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 සීමාවට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය සටහන් වන බවයි වාර්තා වන්නේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 සීමාව ඉක්මවා ගිය අතර ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)