දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් විසින් මෙම සහන පැකේජය පිළිබඳ නිල වශයෙන් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ඩොලර් මිලියන 350ක් සහනදායී ණය පදනම යටතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ඇමරිකානු ඩොලර් මිලියන 100ක් මූල්‍ය ආධාර හෙවත් ප්‍රදානයන් ලෙස මෙහිදී හිමි වනවා.
(colombotimes.lk)
