17 October 2025

logo

ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයා ගත් මත්ද්‍රව්‍යක් ගැන හෙළිදරව්වක්



වැලිගමදී අත්අඩංගුවට ගත් 'අයිස්' (ICE) යැයි සැක කළ මත්ද්‍රව්‍ය තොගය Mephedrone මත්ද්‍රව්‍ය බවට තහවුරු වූ බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවා.

රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ බව තහවුරු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාවෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවා.

(colombotimes.lk)