23 September 2025

logo

ගත වූ කාලයේ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්



2025 වසරේ මේ දක්වා කාලසීමාව තුළ ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කර තිබෙනවා.

එම ගණනය කිරීම්වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1845ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හෙරොයින් කිලෝග්‍රෑම් 1243ක්, ගංජා කිලෝග්‍රෑම් 14,057ක් සහ හෂීශ් කිලෝග්‍රෑම් 472ක් ආරක්ෂක අංශ භාරයට තිබෙනවා.

ආරක්ෂක අංශ නිලධාරීන් සඳහන් කළේ කොකේන් කිලෝග්‍රෑම් 29ක් සිය භාරයට ගත් බවයි.     

(colombotimes.lk)