23 September 2025

logo

මුල් මාස 08 තුළ අපනයන ආදායම ඉහළට



2025 වසරේ මුල් මාස 08 තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. 

එම මණ්ඩලය සඳහන් කළේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11554.32ක් බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61%ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි. 

2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හී මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58ක් ලෙස සටහන් වී තිබෙනවා.   

එය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරගකාරීත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මෙයින් පිළිබිඹු කරන බව අපනයන සංවර්ධන මණ්ඩල සඳහන් කළා. 

(colombotimes.lk)