මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම්වලට හසු නොවීමට ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (23) ධීවර අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් 25දෙනෙක්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
එමෙන්ම මෙම වැඩපිළිවෙළ පිළිබඳව නාවික හමුදාව දැනුවත් කරන බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)