16 January 2026

logo

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ වනාන්තර ගැන අනාවරණයක්



දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ වාර්ෂාවෙන් සිදු වූ නායයෑම්වලින් මෙරට කඳුකර වනාන්තර පද්ධතියෙන් 34%ක් හානියට පත්වී තිබෙන බව පරිසර අමාත්‍යාංශය පවසනවා. 

අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් මෙරට පරිසරයට සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවෙන් මේ බව අණාවරණය වූ බවයි. 

පරිසර අමාත්‍යාංශය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව පෙරේදා තමන්ට භාර දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

අමාත්‍යවරයා සඳහන් කළේ ආපාදාවලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7ක පරිසර පද්ධතිවලට ද හානි වී ඇති බවයි.

ආපදාවලින් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදු වූ හානි පිළිබඳවද අදාළ වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳී සඳහන් කළා. 

(colombotimes.lk)