මේ වන විට දිස්ත්‍රික්ක 25 තුළම මාර්ගගත ක්‍රමයට (online) රියදුරු බලපත්‍ර ලබාදීමට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ අප්‍රේල් මාසයේදී එනම් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර මෙම රියදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවයි.
සියලු දිස්ත්‍රික්කවල මාර්ගගත ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු කිරීමත් සමඟ මසක් තුළ රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(colombotimes.lk)
