26 November 2025

logo

මෙරට විරැකියාවෙන් පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව ගැන අනාවරණයක්



වර්තමානය වන විට මෙරට පුද්ගලයන් 365,951ක පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
 
ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් අද (26) පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහළ ගොස් ඇති බවද එහිදී ඇය අවධාරණය කර තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ 2024 වසරේ දෙවන කාර්තුවේ 4.7ක්ව පැවති විරැකියා අනුපාතය 2025 වසරේදී 3.8ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි.
 
එමෙන්ම අධ්‍යාපන සුදුසුකම් අනුව විරැකියාවෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව අ.පො.ස සාමාන්‍ය පෙළට පහළ 103,308ක ප්‍රමාණයක් සිටින බවත් අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් පිරිස 91,405ක් වන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)