ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වන විට උපරිම ජල ධාරිතාවය දක්වා ළඟා වෙමින් පවතින අතර මේ වන විට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙන බවයි.
දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනායි, සමන්තුරෙයි, නින්දවුර්, කරතිව්, සයින්දමරුදු, කල්මුනේ, නවිතන්වේලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පහත් බිම්වල වෙසෙන ජනතාව මේ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)
