26 November 2025

logo

නුවරඑළියට සහ මහනුවරට නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම්



ප්‍රදේශ කිහිපයකට අදාළව නායයෑම් පූර්ව රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එලෙස පූර්ව රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවයි. 

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දන්ඩාහින්න, මතුරට සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා රතු අනතුරු ඇඟවීම් (3 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්) නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)