උපරිම මිල නියම කළ ඖෂධ එම මිල ගණන්වලට අලෙවි කිරීම පිළිබඳව සොයා විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
එම කොමිසම සඳහන් කළේ උපරිම මිල නියම කළ ඖෂධ ලැයිස්තුව මේ වන විට WWW.NMRA.GOV.LK වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති බවයි.
එම මිල ගණන් ඉක්මවා ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවිය හරහා පැමිණිලි කිරීමේ හැකියාවද පවතින බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ඖෂධ වර්ග 350කට උපරිම මිල නියම කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පසුගියදා පියවර ගත් බවයි.
එලෙස මිල නියම කිරීමත් සමඟ ඇතැම් ඖෂධ වර්ගවල මිළ ගණන් 40%කට උපරිමයකට යටත්ව මිල අඩු කර තිබෙනවා.
(colombotimes.lk)
