ඉන්දියාවේ ලක්නව් නගරයේ අධිකරණයකදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
එහිදී පාතාල සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන සංජීව් ජීවා නමැත්තා මියගොස් ඇති බව සඳහන්.
එම වෙඩිතැබීමෙන් කුඩා දරුවෙක් සහ පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
වෙඩික්කරු නීතිඥයෙක් ලෙස අධිකරණය තුළට පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)