colombotimes.lk
සිංහල | English

05 December 2023

වෙළඳපොළෙහි සීනි හිඟයක්



වෙළඳපොළෙහි සීනි හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් පවසනවා. 

පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමග වෙළඳපොළෙහි සීනි මිල ඉහළ ගියා. 
 
ඉන් පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක්ද පැනවූවා. 
 
ඒ අනුව ප්‍රමාණවත් තරම් වෙළඳපොළෙහි සීනි තොග නොමැති බව පාරිභෝගිකකයන් චෝදනා කරනවා. 
 
කෙසේවෙතත් රට තුළ සීනි හිඟයක් ඇති වීමට ඉඩකඩක් නොමැති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ. 
 
මේ අතර වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද දිනයේදී සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි. 
 
එහිදී සීනි මිල සහ හිඟයට විසදුම් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)