කහ උණ සහ මෙනින්ජයිටීස් රෝග සඳහා ප්‍රතිශක්තීකරණය ලබා දෙන එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ සඳහා ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔහු ප්‍රකාශ කළා.
එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැහැ.
ඒ අනුව අදාළ සැපයුම්කරු මගින් කඩනමින් එන්නත් ආනයනයට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.
අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කහ උණ සඳහාත්, මැදපෙරදිග කලාපයේ සමූහ වශයෙන් සංචාරය කරන පුද්ගලයින්ට මෙනින්ජයිටීස් රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන බවයි වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ.
එම එන්තත් ද මේ වනවිට මෙරට ගබඩාවල නොමැති බවත් අදාළ එන්නත් මේ වනවිට ඇණවුම් කර ඇති ඒවා ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබෙනු ඇති බවත් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවා.
(colombotimes.lk)