ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට ලබා දී තිබූ කාලය ජනවාරි 31වනදා දක්වා මසකින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයන්ට සහ ආයතනවලට බලපත්‍ර අලුත් කිරීමට මෙම කාලය හිමි වන බවයි සඳහන් වන්නේ.
දිවයින පුරා පැවති ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම කාලය දීර්ඝ කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
(colombotimes.lk)
