06 February 2025


ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න



ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (05) පත් කර තිබෙනවා.

ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් ලිපි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ලබාදී තිබෙනවා.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්නද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
 
නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්පහතින්,
 
සාහිත්‍යවේදී රවි සිරිවර්ධන

නීතිඥ අනුරාධ මේඝවර්ණ කඳන්හේන

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිවේදී ජනහා සෙල්වරාස්

නාට්‍යවේදී ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ

කතිකාචාර්ය ඔසඳ ගුණරත්න

ඉංජිනේරු අයේෂ්මන්ත මධුරංග කුමාර

තුමුල හෙට්ටිආරච්චි
 
මහේෂ් අඹේපිටිය

තරුණ සේවා සභාවේ විශ්‍රාමික මූල්‍ය නිලධාරී නල්ලපෙරුම ගෙදර චන්ද්‍රලතා

ව්‍යාපෘති කළමනාකරණ නිලධාරී චතුර සම්පත් පීරිස්

'තරුණ නව රැල්ල' කැඳවුම්කරු මෙත්ෂාන් සමරවීර

වරලත් වාස්තු විද්‍යාඥ තරිඳු මුහන්දිරම්

ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු රුවන් තිළිණ චතුරංග හේවාසිංහ

ඩිලාන් සේනානායක

සංගීතවේදී සුදන්ත මාධව ප්‍රනාන්දු

නිශාන්ත බණ්ඩාර තෙන්නකෝන්

(colombotimes.lk)