06 February 2025


තුන්වන පන්තියේ වෙන් කළ ආසන පහසුකම් ඉවත් කරයි



උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ තලෙයිමන්නාරම දුම්රියවල තුන්වන පන්තියේ වෙන් කළ ආසන පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ මාර්තු මස 10වනදා සිට බවයි වාර්තා වන්නේ.

එම මැදිරි සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කිරීමටද සැලසුම් කර තිබෙනවා.

මෙම තුන්වන පන්තියේ වෙන් කළ ආසන පහසුකම ඉවත් කිරීමේ ප්‍රධාන අරමුණ බවට පත් වී ඇත්තේ අඩු මුදලට තුන්වන පන්තියේ මැදිරිවල ගමන් කිරීමට ජනතාවට අවස්ථාවදීමයි.

 
(colombotimes.lk)