ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය නිසා සිදුවන බලපෑම් සහ ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව සාකච්ජාවක් අද (11) ජනපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
මෙම සාකච්ජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විදුලි ජනන ලංකා පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම එක්ව සිටියා.
ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ තත්ත්වය මෙරට ආහර සුරක්ෂිතතාවය, පානිය ජලය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇති කරන බලපෑම සහ එම ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීමට ගත යුතු කඩිනම් පියවර ගැන ද මෙහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
