12 June 2026

logo

සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂකට අධිකරණයෙන් දුන් නියෝගය



හොරණ, බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කර තිබෙනවා. 

ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිට තිබෙන බවයි වාර්තා වන්නේ. 

නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාැරීමට නියෝග කර තිබෙනවා. 

කෙසේ නමුත් සැකකරුගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

නඩුව මෙම මස 25වනදා නැවත කැඳවීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)