12 June 2026

logo

කමිඳුගෙන් හුදෙකලා ඉනිමක් - කොදෙව්වන්ට හිමි වූ ඉලක්කය මෙන්න



කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.

 
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
 
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු147ක් පමණයි.
 
එහිදී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් විශිෂ්ට ඉනිමක් ගොඩ නැගූ කමිඳු මෙන්ඩිස් පන්දු 39කින් ලකුණු 51ක් රැස් කළා.
 
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් කොදෙව් කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 148ක්.


(Colombotimes.lk)