බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
