සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T20 තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Kingston ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 6.00ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති එක්දින තරගාවලිය තරග 1 - 0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා සමත්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා පවත්වා තිබෙන ජාත්‍යන්තර T20 තරග සංඛ්‍යාව 18ක්.
ඉන් තරග 8ක් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරග 10ක් ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා.
හෙට පැවැත්වෙන තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,
(COLOMBOTIMES.LK)
