21 June 2025


ලබන 30වනදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්



එළඹෙන 30වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නම් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බවයි.

2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11වන වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජුනි 30 හෝ එදිනට පෙර මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළා. 

ඒ ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහායි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. 

එමෙන්ම මේ අතර ලබන මස 8, 9, සහ 11යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට ඊයේ (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)