ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් අද (06) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ආණ්ඩුකාරවරිය අගෝස්තු 6වනදා සිට 10වනදා දක්වා මෙරට තුළ රැඳී සිටින බවයි.
මෙම සංචාරය අතරතුර ආණ්ඩුකාර ජෙනරාල්වරිය ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක්ද ආණ්ඩුකාරවරිය විසින් මෙම සංචාරය අතරවාරයේදී නැරඹීමට නියමිතයි.
ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීම මෙහි අරමුණ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.
(colombotimes.lk)