02 August 2025

logo

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණයට විශේෂ සැලැස්මක්



අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ විෂ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන ඒකාබද්ධ සැලැස්ම සකස් කිරීම සඳහා අදාළ සියලු පාර්ශවයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පවත්වා තිබෙනවා.

ඒ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පළාත් සභාවේදීයි. 

විෂ මත්ද්‍රව්‍ය හේතුවෙන් පාසල් දරුවන්ට, තරුණයන්ට, සමස්ත සමාජයටම සිදුවන බලපෑම පිළිබඳව මෙන්ම එය නිවාරණය කිරීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා. 

එමෙන්ම අනුගමනය කල යුතු උපායමාර්ග, සමාජ අවබෝධය, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ග්‍රාමීය, නාගරික ප්‍රදේශයන් තුළ ඇති සමිති, කමිටු ඇතුළු සියලු සමාජ යාන්ත්‍රනයන් මෙම විෂ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන කෙරෙහි යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා. 

(colombotimes.lk)