09 July 2025

logo

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්



සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන්.

දිවයිනේ විවිධ ප්‍රදේශවල දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බව එම මණ්ඩලය සඳහන් කළා. 

ජල සැපයුම සීමාසහිත වන බවත් එය අත්‍යාවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සමසේ බෙදාහැරීය යුතු බවත් දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම නිසා වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යාවශ්‍ය නොවන කටයුතුවලට ජලය භාවිතා කිරීම අවම කර දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. 

(colombotimes.lk)