දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටළු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සාකච්ඡාවක් අද (18) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
මේ සඳහා අර්තාපල් ගොවීන් ද එක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටළු විසඳීමේදී ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි ඊට විසඳුම් සෙවීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටලුව විසඳීමේදී ආණ්ඩුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවියාත් පාර්ශව 03ක් ලෙස වෙන වෙනම කටයුතු නොකර, සියලුදෙනා එකම වේදිකාවක එකම අවශ්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් සේ කටයුතු කළ යුතු බවයි.
(colombotimes.lk)
