ලොව පුරා මිලියන ගණනකට බලපාන පරිදි දැවැන්ත Cloudflare බිඳ වැටීමක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් OpenAI, X, Twitter, Canva, Calude සහ Spotify වැනි ප්‍රධාන වේදිකාවන් ද අඩාල වී ඇති බවයි.
මෙම බිඳ වැටීම, දත්ත මධ්‍යස්ථාන හරහා සැලසුම් කරන ලද නඩත්තු කිරීම් සහ යළි මාර්ගගත කිරීමේදී ඇතිවූ ගැටලු හේතුවෙන් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගෝලීය වශයෙන් මෙම බිඳ වැටීම සිදු වූ අතර ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන බවයි.
උතුරු ඇමරිකාව, යුරෝපය, ආසියාව සහ ලතින් ඇමරිකාව හරහා බහු දත්ත මධ්‍යස්ථාන සැලසුම් කරන ලද නඩත්තු කටයුතු සහ මාර්ග නැවත යොමු කිරීමේ ගැටලු හේතුවෙන් මෙම අර්බුදය හටගෙන තිබෙනවා.
(colombotimes.lk)
