30 January 2026

logo

අද සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්



කොළඹ නගරයේ අද (30) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසනවා.

ඒ 78වන ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන්.  

පොලීසිය සඳහාන් කළේ අද (30) හෙට (31) සහ පෙබරවාරි 2වනදා පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයන්හී රථවාහන ගමනාගමනය සීමා කරන බවයි. 





(colombotimes.lk)