30 January 2026

logo

වතු සේවක වැටුප් ඉහළ නංවන්න රජය - වතු සමාගම් ගිවිසුමක



වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගත වීම අද (30) සිදු වීමට නියමිතව තිබෙනවා. 

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ මෙලෙස ගිවිසුම්ගත වීම සිදු වන බවයි.

මෙම වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරීමට යෝජනා කළා.
 
රජය තීරණය කළේ එහිදී මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ගෙවීමටයි. 

(colombotimes.lk)