30 January 2026

logo

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබයි



වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද (30) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා.

ඒ වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදීයි. 

අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා. 

මෙම වසර සඳහා වූ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩි කිරීමට යෝජනා කළා.
 
රජය තීරණය කළේ එහිදී මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ගෙවීමටයි. 

(colombotimes.lk)