30 January 2026

logo

වසර 8කට පසු එංගලන්තය මෙරටදී T20 පිටියට - ඉතිහාසය අලුත් කරන්නට සිංහයන් සැරසෙයි



සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය අද පස්වරු 7.00 මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක සහ එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙඩ හැරී බෘක් කටයුතු කරනු ලබනවා.

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායාම අතර මේ වන විට පවත්වා තිබෙන T20 තරග සංඛ්‍යාව 14ක්.

ඉන් තරග 10ක ජය එංගලන්ත කණ්ඩායම තමන් සතු කරගන්නා විට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව මෙලෙස අන්තර්ජාතික T20 පිටියේ හමුවන්නේ වසර 4කට පසුවීමද විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 3ක් ඇතුළත් T20 තරගාවලියක් මෙරටදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙසත් එංගලන්තය වසර 8කට පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන පළමු T20 තරගය ලෙසත් මෙය වාර්තා අතරට එක්වනවා.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික T20 තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 5කට පසු වීමව විශේෂත්වයක්.

අවසන් වරට දෙරට අතර පැවති තරගාවලිය තරග 3ට 0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයගහණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් වරට T20 තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2014 වසරේදීයි.

ඒ අනුව අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් වසර 12කට පසුව එංගලන්තයට එරෙහිව පළමු T20 ජය වාර්තා කිරීමට ඔවුන් සමත්වනවා.

(COLOMBOTIMES.LK)