30 January 2026

logo

ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්



ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා.
 
බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට සේවකයන් 2400කට අධික සංඛ්‍යාවක් ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම් කර ඇති බවයි. 

එම සේවකයන් සඳහා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමෙන් පසු වන්දි ප්‍රදානය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. 

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව වන්දි ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බවයි.

(colombotimes.lk)