ඇමරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ තායිලන්තය හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ බවයි.
ඇමරිකාව නියෝජනය කරමින් තරගයට පැමිණි තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමි වී තිබෙනවා.
මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. 
(colombotimes.lk)
