ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක පවසනවා.
ඔහු කියා සිටියේ පෙරහැර පැවැත්වෙන කාලය තුළදී මහනුවර නගරයට වාහන ඇතුළු කිරීම අත්හිටුවන බවත් පොදු ජනතාවට අවහිරයකින් තොරව ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග හඳුන්වාදී ඇති බවයි.
කටුගස්තොට, නිත්තවෙල මාර්ගය, විද්‍යාරත්ත විදුහල අසලින් පුෂ්පදාන විදුහල දක්වා දිවෙන මාර්ගය, ලේවැල්ල හා රතු බෝක්කුව, පේරාදෙණිය හා විලියම් ගොපල්ලව මාවත කේන්ද්‍ර කර ගනිමින් එම විකල්ප මාර්ග ක්‍රියාත්මක වන අතර පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය තුළ වාහන ගමනාගමනය සීමා කිරීමටද නියමිතව තිබෙනවා.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක වැඩිදුරටත් සඳහන් කළේ පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළුව 6,000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රාජකාරියේ යොදවා ඇති බවයි.
(colombotimes.lk)