07 November 2025

logo

විදෙස් ආයෝජකයන්ට විශේෂ වීසා ක්‍රමවේදයක්



ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ විදෙස් ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බවයි. 

කුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික ආයතන දෙකක් ඉදිකර, අතහැර දමා තිබෙනවා. ඒවායේ ණය ගෙවා, පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කර තිබෙනවා. 

එමෙන්ම ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කි‍රීම‍ට රුපියල් මිලියන 100ක් වෙන් කරන බව ජනාධිපතිවරයා මේ වන විට ඉදිරිපත් කරන අයවැය කතාවේ සඳහන්. 

ජනාධිපතිවරයා කියා සිටියේ ආයෝජන කලාප ආශ්‍රිත සේවා සංවර්ධනයට රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙන බවයි. 

එමෙන්ම ජාතික තනි වෙළඳ කවුළුව වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. 

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත 2026 මුල් භාගයේදී සම්මත කිරීමට කටයුතු කරන බවයි. 

(colombotimes.lk)