වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම අඩපණ වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ 2026 වසර සඳහා වූ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදු කළ විධිමත් අධ්‍යනයකින් අනතුරුව 75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය දී තිබෙන බවයි.
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් මෙයට ඇතුළත් වන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම ඉදිරියේදී රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදු කිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබාදෙන බවද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන්.
එමෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන් කර තිබෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
