රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ තොගයක් කොළඹ ජාතික රෝහලේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම ශල්‍ය උපකරණ තොගය රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබූ බවයි වාර්තා වන්නේ.
ඊයේ (29) පැවති කෝප් කමිටු රැස්වීමේදී විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා විසින් මේ බව අනාවරණය කර තිබුණා.
ඔහු සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට පැවසුවද එය ඉටුවී නොමැති බවයි.
එම සිදුවීමේ දර්ශන පහතින්.,
(colombotimes.lk)