23 January 2026

logo

වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට තීරණයක්



වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

බන්ධනාගාරවල නව ගොඩනැගිලි ඉදිකර රැඳවියන් ඒ වෙත කඩිනමින් යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය ආයතන කිහිපයක ගොඩනැගිලි තෝරා ගෙන ඒවා තාවකාලික බන්ධනාගාර ලෙස සකස් කිරීමද ආරම්භ කර තිබෙන බවයි.

මේ වන විට බන්ධනාගාරවල රැඳවියන් 39000කට අධික පිරිසක් රඳවා තිබෙනවා.      

(colombotimes.lk)