23 January 2026

logo

ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් වෙයි



හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

ඒ ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

සිය සේවා දායකයාට ආගමික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය බවත් ඒ සඳහා දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා. 

(colombotimes.lk)