23 January 2026

logo

ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීමට නව යන්ත්‍ර



ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමට භාවිතා කරන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පසුගියදා ලබාදී තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.
 
සෑම වර්ෂයකම ජනවාරි මාසය ගැබ්ගෙල පිළිකා රෝගීන් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස ද නම් කර තිබෙනවා.

ඊට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මඟින් දීපව්‍යාප්තව වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවන බවයි වාර්තා වන්නේ.

වර්තමානය වන විට වසරකට සාමාන්‍යයෙන් නව රෝගීන් 1200ක් පමණ හඳුනා ගන්නා බවත්, වසරකට රෝගීන් 180ක් පමණ මියයන බවත් මෙම පිළිකාව වළක්වා ගත හැකි පිළිකාවක් බවත්, මෙය Human Papilloma Virus එක මගින් බෝවන රෝගයක් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන සතු දත්ත පෙන්වා දෙනවා.

(colombotimes.lk)