න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අති නවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ තිබෙනවා.
ඒ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සිය හමුදා ක්‍රියාමාර්ග උත්සන්න කිරීමට සූදානම් වන පසුබිමකයි.
එම සබ්මැරීනය මාර්තු 6වනදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් පිටත්ව ඇති අතර එය හෝමුස් සමුද්‍ර සන්ධියට නුදුරින් පිහිටි උතුරු අරාබි මුහුදේ ස්ථානගත කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)
