24 February 2026

logo

ගංජා තොගයක් රක්ෂිතයකින් මතුවෙයි



හල්දුම්මුල්ල ඉලුක්පැලැස්ස රක්ෂිත ප්‍රදේශයේ තිබී ගංජා තොගයක් ඊයේ (23) යුද හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

එලෙස සොයා ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න වන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙම ගංජා තොගය සොයාගෙන තිබෙනවා. 

මෙම වැටලීම සඳහා හල්දුම්මුල්ල පොලීසිය, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ කාර්යාංශය සහ විශේෂ කාර්ය බළකාය නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)