24 February 2026

logo

වාද්දුවේ බස් අනතුරෙන් තුවාල ලැබූ එක් රියදුරෙක් ජීවිතක්ෂයට



බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (24) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ වාද්දූව, මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදීයි.
 
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් බස් රථයේ රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එම අනතුරෙන් තුවාල ලැබූ එක් බස් රථයක රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)