වනඅලි මරණ 44ක් වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 20වනදා දක්වා කාලය තුළ මෙම මරණ සිදු වී තිබෙන බවයි.
වෙඩි තැබීම්, අනවසර විදුලි රැහැන් පද්ධති සවි කිරීම්, දුම්රිය අනතුරුවලට ලක්වීම්, විෂ ශරීරගතවීම් සහ දියේ ගිලීම් හේතුවෙන් මෙම වනඅලි මරණ වාර්තා වී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ කාලය තුළ වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබෙන බවයි.
(colombotimes.lk)
